රැකියා දස ලක්ෂයක් දෙනවයි කියලා පොරොන්දු වුණු ආණ්ඩුව දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්නා – මහින්ද රාජපක්ෂ

වත්මන් ආණ්ඩුව රැකියා ලක්ෂ 10ක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් දෙමව්පියන්ට පාසල් මුර කිරීමට අවස්ථාව සලසා දුන් බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා බල මණ්ඩලයට සහභාගී වෙමිනි.
මහින්ද රාජපක්ෂ
විපක්ෂ නායක
“රැකියා දස ලක්ෂයක් දෙනවා කියලා පොරොන්දු වුණු ආණ්ඩුව තමුන්නාන්සේලා ඔක්කෝටම විශේෂයෙන් දෙමව්පියන්ට පාසල් මුර කරන්න අවස්ථාවක් සලසලා දුන්නා. අද කුස්සියේ තියෙන බර කාන්තාවන්ට දැනෙන්න පටන් අරන් තියෙනවා. මේ තත්ත්වයට කවුද වගකියන්න ඕන? මේ දුර්දාන්ත ආණ්ඩුව පරාජය කිරීම මේ මාස 4න් පස්සේ අනිවාර්යෙන්ම සිදු වෙනවා. රට පාලනය කරන්න පුළුවන් සෘජු නායකයෙක් අපි පත් කරනවා කියන එක මතක් කරමින් ඔබ තමුන්නාන්සේලාට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.”
Related Articles
ගෝඨාභය ඡන්ද ලේඛනයක ව්‍යාජ ලෙස ලියාපදිංචි වී යැයි චෝදනා
පාන් ගෙඩියක මිල රු5කින් ඉහළට
පුපුරණ ද්‍රව්‍ය බවට සැක කරන පාර්සලයක් සොයා ගැනේ
පාර්ලිමේන්තුවේ මසකට ආහාර බිල කෝටියයි..
පොලිස්පති-හේමසිරි අත්අඩංගුවට ගැනීම වැරදියි - අධිකරණය කියයි
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් 3 දෙනෙකු ඇතුළු 9 දෙනෙකුට විනය පියවර
'අනෙක් සියළු ආගම්වලට ගරු කරන ලෙස බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා..' - කරු ජයසූරිය
කුරුණෑගල වෛද්‍යවරයාට එරෙහි පරීක්ෂණ කාසල් හා සොයිසා රෝහල්වලදී
