උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ඇරඹේ

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන මස 05 වන දා ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
මධ්‍යස්ථාන 2678 කදී විභාගය ලබන මස 31 වන දා දක්වා පැවැත්වෙනු ඇති.
විභාගයට පෙනී සිටින සමස්ත අයැදුම්කරුවන් සංඛ්‍යාව 337,704කි.
ඒ අතුරින් පැරණි නිර්දේශය යටතේ අයැදුම්කරුවන් 139,475 දෙනෙකු විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ ය.
නව නිර්දේශය යටතේ විභාගයට පෙනී සිටින අයැදුම්කරුවන් සංඛ්‍යාව 198,229කි.
අපේක්ෂකයින්ට විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඉදිරි සති දෙක ඇතුළත සිදු කරන බව ද ඔහු පැවසී ය.
Related Articles
‘‘මඩකලපුව සරසවිය, නැගෙනහිර සරසවියේ කොටසක් කළ යුතුයි’’ – අමාත්‍ය පාඨලී චම්පික
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලද කතාව
අපේ නායකයින්ගේ කොන්ද පණ මදි - කාදිනල් හිමිගෙන් දැඩි විවේචන
පැය 24ක් තුළ බීමත් රියැදුරන් 263ක් අත්අඩංගුවට
2015දී ණය ටි්රලියන 07යි... අද ටි්රලියන 13යි...
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ අගමැති කී දේ
“මේ රටේ ජනතාව වෙනුවෙන් මම මේ මොහොතේ වුණත් මැරෙන්න ලෑස්තියි” – සජිත් ප්‍රේමදාස
පාස්කු ප්‍රහාරය ගැන සාක්ෂි දෙන්න අගමැති අගෝස්තු 06 විශේෂ කාරක සභාව හමුවට
